Latestදේශීය

පොහොට්ටුව සහ රාජපක්ෂ පවුල සම්බන්ධ නැහැ – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තම පවුලේ සාමාජිකයන් කිසිදු සම්බන්ධයක් නැති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පවුලේ සාමාජිකයන් කිසිම දේශපාලන තීරණයක කොටස්කරුවන් නොවන බවද පවසන ඔහු අනවශ්‍ය ප්‍රකාශ වලින් ජනතාව නොමග නොයැවිය යුතු බවද කියා සිටී.

පක්‍ෂයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ නිකුත් කිරීමත් සමග දේශපාලන තීන්දු ජනතාවට දැනුම් දෙන්නේ පවුලේ සාමාජිකයන් නොව පක්ෂයේ ජේෂ්ඨයන් හරහා පමණක් බවද හෙතෙම කියා සිටී.

තම ඥාතියන්ගේ ප්‍රකාශයන්ට පක්ෂය වගකිවයුතු නැති බවත් ඔවුන් මාධ්‍ය සාකච්ඡාවලට යාම අසාධාරණ බවත් පවසන ඔහු අනවශ්‍ය ප්‍රකාශ වලින් නොමග නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද තවදුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *