Latestදේශීය

යුක්තිය මාධ්‍ය මෙහෙයුමක් පමණක් ද? තුට්ටු දෙකේ වැඩ ගැන ජනාධිපති මාධ්‍ය අංශය කියයි

මේ දිනවල වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් දියත් කර තිබෙන මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම මාධ්‍ය මෙහෙයුමක් පමණක් දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශය ද සැක පහළ කර තිබේ.

ජනපති ඊ කොළම තුළින් මෙම සැකය මතුකර තිබේ. එම සටහන තබන අශෝක ජයතුංග අදාළ ප්‍රශ්න කිරීම කර තිබුණේ මතු දැක්වෙන පරිදි ය. “යුක්තිය මාධ්‍ය මෙහෙයුමක් පමණක් දැයි දන්නේ නැත. දේශබන්දුට පොලිස්පති ලියුම ගැනීමට ටිරාන්ට ලකුණු දා ගැනීමට හෝ කපටි නරියාට ඡන්ද දිනීමට පමණක් මේවා කරනවා නම් ඒවා තුට්ටු දෙකේ වැඩ ය.“ යනාදී වශයෙන් එය මතුකර තිබිණි.

එම සටහන අවසන් කර තිබුණේ මත්ද්‍රව්‍ය මෙහෙයුම “බොක්කෙන්ම දිගටම කරනවා නම්“ ජනතාවට යහපතක් වෙන බව සඳහන් කරමිනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *