රනිල්ට උතුරේ විරෝධය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල උතුරු පළාතේ ආරම්භ කර තිබෙන සිව්දින මෙහෙයුම සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් ජනතාවගෙන් සහ මහජන නියෝජිතයින්ගෙන් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.
එම සංචාරයේදී සිදු කරන දේශපාලන සාකච්ඡා ප්‍රචාරය නොකිරීමට කටයුතු කර ඇති අතර නිල උත්සව පමණක් මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීමට නියෝග කර තිබේ.
මේ වනවිට උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලුව සහ අතුරුදහන් වූවන් පිළිබඳව විරෝධතා මාලාවක් පැවැත්වීමට සංවිධානය කරමින් තිබෙන බව වාර්තා වේ.
නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වන්නේ ද, නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නේද යන්න තීරණය කිරීම එම දේශපාලන සාකච්ඡාවල ප්‍රතිඵලය මත තීරණය කරනු ඇතැයි දෙස් විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

