Latestදේශීය

IMF ගිය හැම රටක්ම තවත් අමාරුවේ වැටුණා – බිමල් රත්නායක

ලෝකයේ කිසිදු රටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ප්‍රශ්න විසඳාගෙන නැතැයි ජනතා විමුක්ති විරමුණේ ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්ලේ අරමුදලගේ සහාය පැතීමෙන් සිදුවන්නේ රට තවත් අසීරු තත්ත්වයකට පත්වීම බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙරට ණය කපා හරින බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය කාලයේ පැවසුවද අද වනතුරු එවැන්නක් සිදුවී නැති බවත් සිදුවී ඇත්තේ තිබුන ණයට තවත් ඩොලර් බිලියන තුනයි දශම එකක පොලියක් එකතුවීම පමණක් බවත් ඔහු පවසයි.

ජීවත්වීමට නොහැකිව සිටින මිනිසුන්ගෙන් බදු අය කරමින් රටේ කර්මාන්ත අමාරුවේ දමමින් රටේ සම්පත් විකුණන මාවතේ රට ගමන් කරවමින් ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *