ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියට සමුදෙයි
විශිෂ්ට ක්‍රිකට් පරිච්ඡේදයක් රචනා කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් ඇන්ඩෲ වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දී තිබේ.
ඒ ජයග්‍රාහී අවසානයක් ද සමඟිනි.
ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර සිඩ්නිහි දී පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 08ක ජයක් වාර්තා කළ අතර, එය වෝනර් හට සතුටුදායක සමුගැනීමක් සඳහා මඟ පාදා දුන්නේය.
ඩේවිඩ් වෝනර් සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළේ 2011 දෙසැම්බර් මාසයේ දී ය.
ඉන් පසු ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කර ඇති වෝනර් ටෙස්ට් ලකුණු 8,786ක් රැස් කර ගැනීමට සමත් වී තිබේ.
ඊට ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ඇතුළත්ය.
ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 44.82ක් වන අතර ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ, 70.20ක් ලෙසයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

