Latestදේශීය

ලන්දේසි ඉංග්‍රීසි වගේද පාර්ලිමේන්තු වෙන්දේසි

පාර්ලිමේන්තුවේ පිල් මාරු කිහිපයක් සිදුවීමට සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වේ.

නව වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වන දිනයේදීම මෙම පිල් මාරු සිදුවනු ඇති බවට ද බුද්ධි අංශ විසින් රජය දැනුවත් කර ඇත.

මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගයටත් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟක් එක්වීමට මෙසේ සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

මෙසේ පිල් මාරු කිරීමට නියමිත මන්ත්‍රීවරුන් ගෙන් වැඩිම පිරිසක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අයයි.

වත්මන් පාර්ලිමේන්තු සැසිය දින කිහිපයක් ඇතුළත අවසන් කිරීමටද නියමිතව ඇති බවද වාර්තා වන අතර එහිදී දැනට ක්‍රියාත්මකවන පාර්ලිමේන්තු කමිටු රැසක් අහෝසි වීමටද නියමිතව ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *