IMF වාරිකය නිදහස් කිරීමට අදාල කොන්දේසි දමයි
ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට අදාළ රෙගුලාසි ජනවාරි මස 31 වන දිනට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු යැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව අදාළ රෙගුලාසි සදහන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කර කිරීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ව්‍යවස්ථා සභාව විසින් ඉදිරි කාලයේදී කළ යුතු පත්වීම් ආදිය සිදුකරන දිනයන් ඊට අදාළ නිර්ණායක ආදී කරුණු මෙම රෙගුලාසිවලට ඇතුළත් විය යුතුය.
මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන මීළඟ ණය වාරිකය ලබාදීම සඳහා ජනවාරි මස අවසානයට පෙර මෙම ගැසට්ටුව නිකුත් කළ යුතුව ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන් තිදෙනා විසින් මෙම යෝජනාව අනුමත කර නැති බවද දැනගන්නට ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

