දින පහකට ඩෙංගු රෝගීන් 1,085 ක්
2023 වසරේ ගත වූ දින 5 තුළ ඩෙංගු රෝගීන් 1,085 ක් වාර්තා වී තිබෙන බව වාර්තා වේ.
කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, හම්බන්තොට, නුවර, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය සහ පුත්තලම මෙන්ම පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර සෞඛ්‍ය අංශ විසින් “ඔබේ පරිශ්‍රය මදුරුවන් බෝවීමට නොහැකි ලෙස තබාගන්න” යන්න තේමා කර ගනිමින් ඊයේ (07) සිට 13 වෙනිදා දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කෙන්ද්‍ර කරගෙන ඩෙංගු අවදානම් කලාපයන්ට මූලිකත්වය දෙමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කර ඇති බව සදහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

