ගාල්ල මාලිමා කාන්තා සමුළුවට ජන ගඟක්
ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවත්වන සමුළු මාලාවේ දෙවැන්න ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පවත්වන ලද අතර එයටද අති විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටියහ.

එම අවස්ථාවට ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රවීන රංගන ශිල්පිනියන් වන, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස් ඇතුළු කලා ක්ශේත්‍රයේ සමාජ ක්‍රියාකාරිනියන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරිනියන් මෙන්ම වෘත්තීයවේදිනියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එම සමුළුව ආරම්භ කිරීමත් සමගම මහ වැසි ඇදහැලුනද එය අවසානය දක්වාම කාන්තාවන් නොසැලී සිටීම විශේෂත්වයකි.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

