Latestවිදේශීය

යුක්‍රේනයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ නැගෙනහිර නගරයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා සදහන් කරන්නේ නැගෙනහිර යුක්‍රේනයේ Pokrovsk නගරයට මෙම ප්‍රහාරය එල්ලවී ඇතිබවයි.එහිදී මෙම මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර ළමුන් පස් දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

මේ අතර මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් අට දෙනෙකු ද තුවාල ලබා ඇති අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සදහන් කරන්නේ රුසියානු හමුදා නේවාසික ප්‍රදේශ ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *