අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
දිනයට නියමිත කාලගුණ නිවේදනය,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ සදහන්.
අම්පාර, මඩකළපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

