පාර්ලිමේන්තුව හෙට (09) රැස්වේ
පාර්ලිමේන්තුව හෙට (09) රැස්වන අතර පෙරවරු 09.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.
පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදය ගැනීමට නියමිත බව වාර්තා වේ.
අනතුරුව ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

