නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (9) උදෑසන 9.30ට ආරම්භ වේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන අද පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් 9ක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළේ සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතව තිබේ.
තවද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද මේ මස 23 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, ආර්ථික අර්බුදයට හේතු සොයා බලා වාර්තා කිරීම පිළිබඳ තේරිම් කාරක සභාව ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

