ශ්‍රී ලන්කන් ‘වෙබ් ද්වාරය’ ඉන්දියාවට විවෘත කෙරේ
ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරක නියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම තුළින් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යංශම සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී. හෙවත් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන් සඳහා විවෘත කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.
මෙම ‘වෙබ් ද්වාරය’ හරහා ලියාපදිංචි වන නියෝජිතයන් හරහා සුවිශේෂි ගුවන් ගාස්තු මෙන්ම නොමිලයේ දින සංශෝධනය කිරීමේ පහසුකම් ලැබෙන බවත් www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් එහි ලියාපදිංචි වියහැකි බවත් එම ගුවන් සේවය කීය.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතතාව ඉහළ නැංවීම සඳහා හදුන්වා දුන් මෙම නව උපාංගය හරහා සංචාරක නියෝජිතයන්ට ගුවන් සේවය සමඟ සෘජුව සම්බන්ධවීමට ලැබීමෙන් එම ක්ෂේත්‍රය මෙතෙක් මුහුණ දුන් සංකීර්ණතාව මඟ හැරෙන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.
@lankadeepa
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

