වාහන ආනයනය සඳහා රජයේ කිසිදු සූදානයක් නෑ – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
මේ මොහොතේ වාහන ආනයනය සඳහා රජයේ කිසිදු සූදානයක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බවයි.
රාජ්‍ය ආදායම දෙස බලන විට වාහන ආනයනය රජයට ඉතා වැදගත් වුවත් එය සිදු කළ යුත්තේ විදේශ සංචිතය කොපමණ මට්ටමකට පැමිණි පසුව දැයි තීරණයක් ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙරට දැනට ඇති වාහන ප්‍රමාණවත්ද යන්න පිළිබඳව අධ්‍යයනය කර එහි වාර්තාව අනුව තීරණය ගත යුතු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

