Latestවිදේශීය

පෝලන්තයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අත්අඩංගුවට

පෝලන්තයේ වෝර්සෝ හි ජනාධිපති මන්දිරය තුළ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. Mariusz Kaminskiට සහ Maciej Wasik ට 2007 වසරේ දී දූෂණ අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වුණා .මෙම දෙදෙනාටම ඔවුන්ගේ පාර්ලිමේන්තු වරම් ඉවත් වී ඇති අතර ජනාධිපති Andrzej Duda ගේ සමාව නිසා නීත්‍යානුකූලව තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලෙස රැඳී සිටින බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ආධාරකරුවන් සිය ගණනක් ඔවුන්ට සහය දක්වමින් එහි පිටත රැඳී සිටිමින් උද්ඝෝෂණ කළ බවද විදෙස් වාර්තා සදහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *