500%කින් කියුබාවේ ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල 500%කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇත.
කියුබානු රජය නිවේදනය කර ඇත්තේ ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමෙන බවයි.
ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද 25%කින් ඉහළ දැමීමට සිදුවන බව කියුබානු රජය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම තීරණ ගෙන ඇත්තේ අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිලියන 11ක ජනගහනයක් වෙසෙන කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දී සිටින බවයි.
එරට උද්ධමනය ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීම හරහා එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

