ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර තිබෙන බව වාර්තා වෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ තත්පරයකට ඝණ අඩි 34 ක්ජලය ඉන් පිටවන බවයි.
අංගමූව ජලාශයද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර පසුගිය පස්වැනි දා වසා දැමුණු කලා වැවේ වාන් දොරටු දිවිත්වයද ඊයේ රාත්රියේ සිට යළි විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

