Latestදේශීය

දින දෙකකට පුද්ගලයින් 10ක් අතුරුදන්

පසුගිය 08 සහ 09 යන දෙදින තුළ පමණක් මෙරට පුද්ගලයින් 10 දෙනෙකකු අතුරුදහන් වී ඇති බවත් එලෙස අතුරුදහන් වූ පිරිස අතර වයස අවුරුදු දෙකක දැරියක සහ පාසල් සිසුවියකද සිටින බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙසේ අතුරුදන්ව ඇති අවුරුදු දෙකක් වයසැති දැරිය වැලිපැන්න පත්තිනියාගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර අදාළ දැරිය සහ තිස් හැවිරිදි කාන්තාවක වන ඇයගේ මවද ඉකුත් 09 වැනිදා සිට ආගිය අතක් නොමැති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

එම කාන්තාව යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවද සඳහන් වේ.

මේ අතර මේ වනවිට අතුරුදහන්ව ඇති 14 වියැති පාසල් සිසුවිය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක වන අතර ඇය පෙරේදා සිට ආගිය අතක් නැතැයි එම නිවැසියන් කෝපායි පොලිසියට පැමිණිලිකොට තිබේ.

වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු, මොරටුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු, දඹගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු, අම්පාර කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු සහ වව්නතිව් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ධීවර රැකියාවේ නිරත වූ අයකුද අතුරුදන්ව ඇති පිරිසට අයත් වෙති.

තවද මැදගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකුද අතුරුදන්ව ඇති අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයකු බව සඳහන් වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *