උතුරේ වැසි තත්ත්වය තරමක අඩුවීමක්
උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයෙන් පසුව අපේක්ෂා කෙරේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌවපළාතේ සහ පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක වලඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරුපළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

