චමින්ද විකිණුනේ කෝටි 9කට – මහින්දානන්ද අළුත්ගමගේ
සමගි ජන බලවේගග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වී ඇත්තේ රුපියල් ලක්‍ෂ නවසීයක් ලබාගෙන බවට පළවන මාධ්‍ය වාර්තා ගැන සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඉල්ලා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම චමින්ද විජේසිරි මහතාගේ ප්‍රකාශයන් නිසා හෑල්ලුවට දැක්වී ඇතැයි ද ඔහු කියා සිටියේය.
විජේසිරි මහතාගෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු ධුරයට පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇති ද්විත්ව පුරවැසික් බවද ඔහු පෙන්වා දෙයි.
ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ අදහස් පළ කරන ලදී.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය
‘ඊයේ ඉල්ලා අස්වුන මන්ත්‍රීවරයා කිව්වේ එතුමට ළමයි ඉස්කොලේ යවන්න බැහැ , එතුමට පාරේ යන්න බැහැ ඒ නිසා කළකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා.
මන්ත්‍රීවරු සියලු දෙනා හෑල්ලු කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා. නමුත් අපිත් පාරේ යනවා මින්ස්සු අතර ඉන්නවා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ.
හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේන් පසුව ඊලඟට පාර්ලිමේන්තු එන්නේ ද්විත්ව පුරවැසියෙක්. මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අරගෙන කියලා පත්තරේ තියෙනවා. මේ ප්‍රකාශය අපිට හොද නැහැ.
ද්විත්වපුරවැසියන්ට පාර්ලිමේන්තු එන්නත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නත් මේ කරන ප්‍රකාශ හොද නැහැ ඒගැන හොයා බලන්න කියා මම ඉල්ලා සිටිනවා.’

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

