ඩී පී එඩියුකේෂන් පළමු මධ්‍යස්ථානය තිස්සමහාරාමයට
(යොහාන් භාසුර)
සුප්‍රසිද්ධ ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක තොරතුරු තාක්‍ෂණ රැකියා දස ලක්‍ෂයක් ඇති කිරීමේ වැඩසටහනේ ‘ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ව්‍යාපෘතියේ අයි. ටී. ඔෆීස් පළමු මධ්‍යස්ථානය තිස්සමහරාම, උද්ධකන්දර රජමහා විහාරස්ථානයේදී ඊයේ (10) විවෘත කළේය.
එම ව්‍යාපෘතියේ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය.
එම මධ්‍යස්ථානයේ අධ්‍යාපන ලබන සිසුන් 20 ‘ෆුල් ස්ටැක් ඩිවලොපර්’ තනතුරේ රැකියාගත කළ බවත් ඉදිරි වසර තුන තුළ මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි නවීණ පරිගණක 7,000 කින් යුත් ‘ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් විවෘත කරන බවත් ධම්මික පෙරේරා මහතා පැවසීය.

උද්ධකන්දර රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී බෙරලිහෙල පදුම හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් එම විවෘත කිරීමේ උත්වය පැවැත්විණි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

