Latestදේශීය

සනත්ට තරග පාවාදීම පිළිබද චෝදනා ඇති බව ICC කිවුවා – රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසු බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

තමන් ක්‍රීඩා ඇමති කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කළ පසු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ බව දැන්වූ බවද ඔහු පැවසීය.

එම දැනුම් දීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද දැනුම් දීමක් මත බවත් ඔහු සඳහන් කරයි.

සනත් ජයසූරිය කිසිදු කොන්දේසියක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නොකර ගතයුතු බවද ක්‍රිකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැන්වූ බවද හෙතෙම පැවසීය.

නමුත් එදා එසේ කියුවද අද සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් යතනයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කරද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විරෝධයක් නොදැක්වීමෙන් පෙනී යන්නේ ලබැදියාවක් වැනි ආකාරයක් බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ දී පැවැති ‘දූෂණයට තිත’ මැයෙන් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *