ITAK නායකත්වය තීරණාත්මකයි – එම්. ඒ. සුමන්තිරන්
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන පක්ෂ සම්මේලනයේදී නව නායකයා තෝරාගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් යන මහත්වරුන් ඉදිරිපත් වී තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

