Latestදේශීය

විජිත හේරත් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක හමුවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට බලපා තිබෙන වෘත්තීය ගැටලු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සමග පසුගිය 09 වෙනි දින සාකච්ඡාවක් පැවැත්වීය.

බත්තර මුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම සාකච්ඡාව පැවති අතර ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පැවති සාකච්ඡා පලදායක වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක එකමුතුව මාධ්‍යවෙත අදහස් දක්වමින් හෙළි කර තිබේ. එම සේවක එකමුතුවේ සභාපති, ලේකම් මෙන්ම ඇතුළු වෘත්තීය සමිති නායකයින් ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

කොළඹ, ගාල්ල, සීගිරිය, අනුරාධපුර ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව යන ව්‍යාපෘතිවල විධායක සභික නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *