වාසු ජවිපෙට නැවත ලංවෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසියට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් විය යුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එවන් සන්ධානයක් ගොඩනැගීමට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ද විරුද්ධතාවයක් දක්වන් නැති බවද හෙතෙම පැවසීය.
ජනතාව මේ වන විට මහත් අර්බුදයකට පත්වී ඇති බවත් ඊට හේතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි බවත් පැවසූ නානායක්කාර මහතා මේ මොහොතේ එය පරාජය කරනු හැර වෙනත් කිසිම දේශපාලනයක් තිබිය නොහැකි බවද කියා සිටියේය.
ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලට විරුද්ධ කදවුරේ වැඩිම ජනතා ප්‍රසාදයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට බවත් පැවසු මන්ත්‍රීවරයා එනිසා ජනතාවාදී දේශපාලනයක් ගොඩනැගීමට එම පක්ෂය මුල් යුතු බවත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

