Latestදේශීයවිදේශීය

ජපානය ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී මේ බව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අහෝසි කෙරුණේ එය අගනුවර තදබදයට “ලාභදායී විසඳුමක්” නොවන බව සඳහන් කරමිනි.

එය කිලෝමීටර් 15.7 ක දුරක් දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත්ව සැලසුම් කර තිබුණි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරට අමෙරිකානු ඩොලර් මිලියන 285ක ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අත්සන් තැබුවේය.

මෙම ණය සියයට 0.1ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12ක සහන කාලයක් සමඟින් වසර 40කින් ආපසු ගෙවිය යුතු බව ගිවිසුම්වල සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ මැයි මසදී ජපානයේ සිදුකළ සංචාරයේදීද ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා හමුවී මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුණි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීම සඳහා යෝජනාවක් ඉකුත් ජුනි 03 වැනිදා ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය දැනුම් දී තිබේ.

අනතුරුව ජපාන මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතාවද හමුවිය.

කොළඹ සහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමේ අලාභය ශ්‍රී ලංකාව පියවිය යුතු බව ජපානයේ ස්ථාවරය වී ඇතැයි එහිදී දැනගන්නට ලැබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

@adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *