Latestවිදේශීය

කටාර් රාජ්‍යයෙන් සහ ප්‍රංශයෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෛද්‍ය ආධාර

කටාර් රජ්‍ය සහ ප්‍රංශය ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෛද්‍ය ආධාර ලබා දීම සඳහා  මැදිහත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කටාර් සහ ප්‍රංශ නියෝජිතයින් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල බලධාරීන් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව ඊට අනුමැතිය ලැබුණු බවයි වාර්තා වන්නේ.

මේ හරහා ගාසා තීරයේ වඩාත්ම බලපෑමට ලක් වූ සහ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීම ද සිදු කෙරෙනු ඇති. 

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගොස් ඇති ගාසා සිවිල් වැසියන් සංඛ්‍යාව 25,000 කට ආසන්න බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *