නීති විරෝධී කූඩැල්ලන් සමග 12ක් අත්අඩංගුවට
(සිතුම් චතුරංග)
කිමිදුම් උපකරණ යොදාගනිමින් මන්නාරම,ඔලේතොඩුවායි මුහුදේ නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කිමිදුම් උපකරණ, නීති විරෝධී දැල් තොගයක් හා ඩිංගි යාත්‍රා හතරක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පැවසීය.
නීතිවිරෝධි ආකාරයෙන් ඇල්ලු මුහුදු කූඩෑල්ලන් කිලෝ 968 ක් හා හක්බෙල්ලන් 34 සැකකරුවන් වෙනත් ප්‍රදේශයකට පුවාහනය කිරීම සදහා සූදානම් කොට තිබියදී සොයාගත් බවද සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 22 ත් 48 ත් අතරේ වයසේ පසුවන්නෝ වෙති.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

