Latestදේශීය

පොලිස් වෙඩි පහරින් තිදරු පියා මියයයි

(ගයාන් සූරියආරච්චි, හේමලතා ඩී.හේවගේ සහ සිසිර අබේකෝන්)

අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු  මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අණ නොතකා ධාවනය කළ ලොරි රථය පිටුපස පැන්නූ අවස්ථාවේ ලොරි රථ රියදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියත් සමග කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් නිසා පොලිසියේ දේපළවලට හානි සිදුව ඇතැයි ද වාර්තා වේ. 

මෙම වෙඩි තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් නාරම්මල පොලිසිය වටකර දේපළවලට හානි කර ඇති බව එම උසස් නිලධාරියා කීය.

සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ.

එම අණ නොතකා ලොරි රථයේ රියදුරු නොනවත්වා ලොරිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය හඹා ගොස් ලොරිය නවතා ඇති අතර රියදුරු බියගැන්වීමට පිස්තෝලය ගත් අවස්ථාවේදී එය පත්තු වී රියදුරු එතැනම මියගොස් ඇති බව උසස් නිලධාරියා පැවසීය.

එම අවස්ථාවේදී එතනට රැස්ව සිටි ප්‍රදේශවාසීන් උප පොලිස් පරීක්ෂකවරයාට සහ කොස්තාපල්වරයාට දැඩි විරෝධය පළ කරමින් කලහ්කාරී ලෙස හැසිරී ඇති අතර නාරම්මල පොලිසිය වට කරමින් ගේට්ටු කඩා බිඳ දමා දේපළවලට හානි කර ඇතැයි එම නිලධාරියා කීය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවූ බවත් උසස් නිලධාරියා කීය.

ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ හිතා මතා වෙඩි තැබූ බවයි. 

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *