Latestදේශීය

වර්ජනය කළ විදුලිබල මණ්ඩල සේවක සේවය අත්හිටුවයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු එහි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ.

ඔවුන් සියලු දෙනාම ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් භාර ලිපිකරුවන් පිරිසකි.

අදාළ විරෝධතාවයේදී ඔවුන් මුදල් අය කිරීමේ කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවා දැමීමට බාධා වන ලෙස හැසිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාල විරෝධතාවලදී සේවාවලට බාධා කරන හෝ මාර්ගෝපදේශ කඩකරන සේවකයන්ගේ වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබින.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *