Latestදේශීය

ඉන්දියාවෙන් ‌ගෙනා මත්පෙති 24000ක් අත්අඩංගුවට

මන්නාරම තාල්වුපාඩු ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිවසක් තුල  සඟවා තිබූ මත්පෙති 24,000 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් තාල්වුපාඩු ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පෞද්ගලික ඉඩමක පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී නිවස තුල සූක්ෂමව සඟවා තිබූ අදාල මත්පෙති තොගය සොයාගනු ලැබීය.

ඒහිදී උරයක බහා සඟවා තිබූ අදාල මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගනවිත් මෙලෙස නිවාසේ සඟවා පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිල ගණන් වලට විකිණීමට සැකකරු විසින් සැලසුම් කොට තිබූ බවට අනාවරනය වී ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු තාල්වුපාඩු ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු සමග අදාල මත්පෙති තොගය මන්නාරම් පොලීසිය වෙතට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *