රනිල්ට ඇල්මපාන රාජිත
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කෙනෙකුට කොන්දේසි විරහිතව සහාය දීමට තමන් සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
රට විනාශ වූයේ විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් බවද පවසන ඔහු ජනාධිපතිකම අහෝසි කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවහොත් තමන් අත්දෙකම ඔසවා ඔහුට සහය දෙන බවද කියා සිටියේය.
ජනාධිපතිකම වෙනස් කර තව අවුරුද්දක් දෙකක් ඔහු ධුරයේ සිටියද ප්‍රශ්නයක් නැති බවද හෙතෙම සඳහන් කළේ කළුතර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

