විද්‍යුත් හැදුනුම්පතට දත්ත ලබා ගැනීම ජූනි මස සිට
(යොහාන් භාසුර)
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය.
පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ මුහුණ හඳුනාගැනීම ඇතුළු දත්ත එකතු කිරීමේ කටයුතු සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජූනි මාස ආරම්භ කරන බව ද ඒ මහතා කීය.
පුරවැසියන්ගේ දත්ත ගැනීමට අවශ්‍ය දත්ත ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම ලබන මාර්තු මස ආරම්භ කරන බවත් ඒ මහතා කීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

