Latestදේශීය

දේශීය කිරි නිෂ්පාදනය බරපතල ලෙස අකර්මන්‍ය කරයි

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී කෘෂිකර්මාන්තය මුලුමනින්ම බිඳ වැට්ටූ අතර රනිල් වික්‍රමසිංහ පාලන සමයේ මෙරට කර්මාන්ත පද්ධතිය බිඳ වට්ටමින් පවතින අතරතුර දේශීය කිරි නිෂ්පාදනය ද සම්පූර්ණයෙන්ම බිඳ හෙළීමේ තත්වයක් පවතින බව හෙළි වී තිබේ.

ගෙවී ගිය 2023 වසරේ මුල් මාස 09 තුළ දේශීය කිරි නිෂ්පාදකයන් සතුව තිබූ ගොවිපලවල් 14,294ක් වසා දැමීමට සිදුවී ඇති බව පශු සම්පත් සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය නිල වශයෙන් පිළිගෙන ඇත. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින එම කාර්යාලයෙන් විගණන වාර්තාවක් නිකුත් කර ඇති අතර මෙම බිඳ වැටීම පිළිබඳ සවිස්තර දත්ත එහි ඇතුලත් කර තිබේ.

පසුගිය දා (18) නිකුත් කරන ලද “අද” පුවත්පතේ මේ පිළිබඳව වාර්තා කර තිබිණි. ඌව පළාතේ ගව ගොවිපලවල් 6,961ක් වසා දැමීමට සිදුවී ඇති අතර මධ්‍යම පළාතේ 2,289ක් මෙසේ වසා දැමීමට සිදුවී තිබේ. මේ ආදී වශයෙන් පළාත් මට්ටමෙන් මෙන්ම දිස්ත්‍රික්ක මට්ටමෙන්ද වැසී ගිය ගොවිපලවල් පිළිබඳ දත්ත නිකුත් කර ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ගොවිපලවල් 5,653ක් වැසී ගොස් ඇති බව වාර්තා කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *