Latestදේශීය

ක්ෂුද්‍ර මූළ්‍ය ණය නියාමනයට පියවර

මේ වසරේ පළමු කාර්තුව තුළදීම මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වැඩිම ප්‍රතිලාභ ගෙන කටයුතු කරනු ලබන්නේ කාන්තාවන් බවයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇපකර ක්‍රමවේදයක් ඉදිරියේ දී හදුන්වාදෙන බව ද වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රුපියල් බිලියන 1.3ක් වෙන් කරනු ලැබුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු කොටස් භාණ්ඩාගාරය සතු කරගැනීමට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බවයි. 

මේ අතර, සියලු ව්‍යාපාරිකයින් වැට් ගෙවීමට කටයුතු කරන්නේ නම්, සියයට දහ අටේ පවතින වැට් ප්‍රතිශතය සියයට 15 දක්වා අඩු කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *