Latestදේශීය

මම බෙම්පි සිඤ්ඤො නෙමෙයි, ගහලා හිරේ යනවා – සනත් නිශාන්ත

කිසිවකුන්ගෙන් ගුටිකා තමන් රෝහලේ ඉන්නේ නැති බවත් ගහලා හිරේ යන බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පුත්තලම දළුව ප්‍රදේශයේදී සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමට යාමේදී ජනතාව විරෝධය එල්ල කිරීම නිසා ආපසු හැරී ගිය යැයි පළවූ වාර්තා පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.

“ලෝක බැංකු ආධාර ව්‍යාපෘති නතරකිරීමට අරමුණු වුණේ මොකක්ද කියලා මම නිලධාරීන්ගෙන් ඇහුවා. කාපට් කරන කොටස පිළිබඳ වූ සාකච්ඡාවට ජවිපෙට සම්බන්ධ පිරිසක් ඇවිත් වෙනත් පාරක බෝක්කුවක් හදන්න කියලා. පළාත් සභා පාරවල් හදන්න බැහැ කියලා තේරෙන්නේ නැහැනේ. අදාළ ව්‍යාපෘතිය පමණයි ක්‍රියාත්මක කරන්නේ. මාව එලවනවාද නැද්ද කියලා බලන්න මම එතනට ගියේ නැහැ… එය සම්පූර්ණ බොරුවක්.

චණ්ඩි එලෙව්වාට අපි බයේ හැරිලා එන්නේ නැහැ. මම ගුටි කාලා එන්නේ නැහැ… ගහලා හිරේ යනවා. මම බෙම්පි සිඤ්ඤො නෙමෙයි… මම සනත් නිශාන්ත මිසක් වෙන කවුරුත් නෙවෙයි.”

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *