ලංවිම සේවකයින් දැඩි තීරණයක, 5000ක් ඉල්ලා අස්වෙන්න සූදානම්
ලංකා විදුලිබල මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක ඉල්ලා අස්වීමට එකඟතාවය පලකර ඇති බව විදුලි සේවක සංගම් සඳහන් කරයි.
වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සේවකයන් මර්දනය කිරීමට එරෙහිව මෙම තීරණයට ගැනීමට සේවකයන් එකඟතාවය පළ කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සේවකයන් හැට හය දෙනෙකුගේ අත්හිටුවා තිබේ.
මේ සම්බන්ධයෙන් විදුලි සේවක සම්මගාක් සංගම් රැසක් හදිසි සාකච්ඡා පවත්වමින් ඇත.
දැනට වැඩ තහනමකට ලක්ව සිටින සේවකයන් සම්බන්ධයෙන් පළමුව නීතිමය කිරිමාර්ග ගැනීමටද ඔවුන් තීරණය කර තිබේ.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

