Latestදේශීය

විමල බුද්ධි හිමි අත්අඩංගුවට

බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ  ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට  ගනු ලැබ ඇත.

සැකකාර චීවරධාරියා   අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව විය.

සැකකරු මීට පෙර මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර පත් කර ඇප මත මුදා හැර සිටියදී, ඔහු අධිකරණ නියෝග නොතකමින් යළිත්  දිගින් දිගටම  මෙම  ක්‍රියාවන්වල  නිරතවීම නිසා  ඊයේ (20) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන්  දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව.. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *