Latestදේශීය

එළවළු මිල පහතට

නුවරඑළියේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අනුර ශාන්ත හෙට්ටිආරච්චි පවසා සිටියේ එළවළු මිල 40%කින් අඩු වී  ඇති බවයි.

 පාරිභෝගික ජනතාව එළවලු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කොට විකල්පවලට යොමුවීම ඊට හේතුව ලෙස ඔහු පවසයි.

පසුගිය දින වල කැරට් කිලෝවක සිල්ලර මිල වෙළඳපොළේ රුපියල් 2,500 දක්වා ඉහළ ගොස් තිබූ අතර  අද වන විට මිල රුපියල් 900 දක්වා පහත බැස ඇත.

මේ අතර ගෝවා, ලීක්ස්, බීට්රූට් සහ බෝංචි යන එළවලුවල මිලද පසුගිය දිනවලට සාපේක්ෂව පහත බැස ඇති බවයි වාර්තා වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *