Latestදේශීය

පාර්ලිමේන්තුව හෙට රැස් වේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට(23)සහ අනිද්දා(24) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණයකර තිබේ.

2024 ජනවාරි දෙවන පාර්ලිමේන්තු සතියට අදාළව පාර්ලිමේන්තු හෙට(23) සහ අනිද්දා(24) පමණක් පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. ජනවාරි 25 බ්‍රහස්පතින්දා  පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

හෙට(23) පෙ.ව 9.30 ට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ආරම්භකිරීමට නියමිත අතර එය ප.ව 5.00 දක්වා පැවැත්වේ.

අනතුරුව අධිකරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එසේම පෞද්ගලික සංස්ථාගත කිරීමේ මන්ත්‍රී පනත් කෙටුම්පත් වන හදට හද භාරකාර අරමුදල, ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය, ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය, සමාධි ප්‍රජා සංවර්ධන පදනම සහ දස්සනා බෞද්ධ සංවිධානය සලකා බැලීම සිදුවන බවත්, දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව, සවීර පදනම සහ පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම යන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙවන වර කියවීම සහ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමටත් නියමිතය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *