Uncategorized

ආනයනික කිරිපිටි සඳහා බදු වැඩි කලේ දේශීය කිරි කර්මාන්තය ආරක්ෂා කරගන්නයි – වෙළඳ ඇමති

දේශීය කිරි කර්මාන්තය ආරක්ෂා වන පරිදි ආනයනික කිරිපිටි සඳහා බදු වැඩිකර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය. කිරිපිටි ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ,

දේශීය කිරි කර්මාන්තය ආරක්ෂා වන පරිදි සහ  කිරිපිටි ආනයනය කිරීම අධෛර්යමත් වන පරිදි මෙම බදු වැඩි කිරීම් සිදු කර තිබෙනවා. රුපියල් 60/70ට තිබූ දියර කිරි ලීටරයක් අද වන විට රු 180 දක්වා වැඩි වී තිබෙනවා. කිරි ලීටරයකට ලැබෙන මිල මත මේ රටේ කිරි ගොවියා ශක්තිමත් වෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු පැටව් අභිජනනය සඳහා විශාල ගැටලු මතු වුණා. කිරි කර්මාන්තය විශාල වශයෙන් කඩා වැටුණා. ප්‍රථම වතාවට කිරි පිටි සඳහා ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්  සකස්කිරීම සඳහා මේ වන විට  පරමාණු ශක්ති අධිකාරියට පවරා තිබෙනවා. ඉදිරියේදී දියර කිරි සඳහා පමණක් නොව, අත්‍යාවශ්‍ය භාණ්ඩ 20ක්  සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. අල/ලූණු/දියර කිරි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ දේශීය නිෂ්පාදන කරන ප්‍රමාණය/ අතිරික්තය හෝ මදි පාඩුව / අනාගතයේදී ඒ හිගය පියවීම සඳහා නිර්දේශ ඇතුළත් කර මෙම  වාර්තාවක් සකස් කරන බව හෙතෙම පැවසීය.මෙම වාර්තාව කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්ත වලට අනුව සකස් කරන බවද , එවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළ හිගයකින් තොරව පවත්වාගත හැකිවන බවද හෙතෙම පැවසීය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *