Latestදේශීය

සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) ආරච්චිකට්ටුව නිවසට

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරිණ. දේහය අද (26)පෙරවරුවේ ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

ලබන ඉරිදා දක්වා දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇති.අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 2.00 ට හලාවත, ආරච්චිකට්ටුව, රාජක දළුව දේවස්ථානයේදි සිදු කිරීමට නියමිතයි.

සනත් නිශාන්ත මහතා ඊයේ අලුයම අභාවප්‍රාප්ත වුණේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ 11 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් ය. 

ඒ , ඔහු ගමන් ගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් ය. අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාට ද දිවි අහිමි විය. අනතුරින් ජීප් රථයේ රියැදුරු ද තුවාල ලැබූ අතර , ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කෙරිණ. තවද මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සනත් නිශාන්ත මහතා ගමන්ග ත් කැබ් රථය පැයට කිලෝමීටර 160ක වේගයෙන් ධාවනය කර ඇති බවද අනාවරණය වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *