Latestදේශීය

වාර්ෂික පිළිකා රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙයි

වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයිද මීට පෙර වසරකදී වාර්තා වූයේ 450ක පමණ ළමුන් පිරිසක් යැයිද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

විශේෂයෙන්ම ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම පිළිකා ඇතුළු බෝ නොවන රෝග ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව පවසන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පිළිකා රෝගී දරුවන් අතර ලියුකේමියාව සහ මොළේ පිළිකා ඇති දරුවන් අද වනවිට බෙහෙවින් වැඩිවී ඇති බවද සඳහන් කරයි.

ලෙඩ රෝගවලින් මුදා ගැනීමට නම් පැණි බීම, කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකාවලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් ඔහු සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *