Latestවිදේශීය

හමාස් සටන් විරාමයට කැමැත්ත දක්වයි

දීර්ඝ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවක් හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය කියයි.

එහි සඳහන් වන්නේ  ගාසා තීරයේ මාස 4 1/2ක් පමණ සටන් අත්හිටුවා, පසු ව ගැටුම් නවතා දැමීමට යෝජනා කර ඇති බව ය.

හමාස් සංවිධානය මෙම යෝජනාව යවා ඇත්තේ, අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ කැමැත්ත ඇති ව කටාර් සහ ඊජිප්තු බලධාරීන් විසින් හමාස් සංවිධානයට යොමු කර තිබූ යෝජනාවකට ප්‍රතිචාර දක්වමිනි.

එම යෝජනාවලිය අදියර තුනකින් සමන්විත වන අතර පළමු අදියර යටතේ, ඉතිරි ව සිටින ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීම ද, දෙවැනි අදියර යටතේ ගාසා තීරය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට ද, තෙවැනි අදියර යටතේ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීම හා මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු හුවමාරු කර ගැනීමත් ඇතුලත්ව ඇති බව රොයිටර් සේවය කියයි.

@slleader.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *