රනිල්ගේ කතාවට සිටි සහ නොසිටි සජබ මන්ත්‍රීවරු නැවතත් අර්බුදයක
වාර අවසාන කර තිබූ පාර්ලිමේන්තුව අද (07) යළි රැස් කළ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන මොහොතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාගැබෙන් ඉවත්ව ගොස් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබී ඇති නමුත් එම තීරණය ක්‍රියාත්මක කරන විට ඊට සහභාගී වී ඇත්තේ විපක්ෂ නායක ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් පමණි.
විපක්ෂ නායකගේ එම තීරණයට එකඟ නොවූ තවත් සජබ මන්ත්‍රීවරු පිරිසක් අවසාන මොහොතේ සභාගැබේ රැඳී සිටීමට තීරණය කර ඇත.
එලෙස තීරණය කරමින් සභාගැබේ රැඳී සිට ඇත්තේ රාජිත සේනාරත්න, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කුමාර වෙල්ගම, ඉෂාක් රහුමාන්, වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකි.
සභාගැබෙන් පිටව ගිය මන්ත්‍රීවරු මාධ්‍ය වෙත පවසා ඇත්තේ ප්රජාතන්ත්රවාදය අහිමි කිරීම, කතා කිරීමේ නිදහස නැති කිරීම, සාමකාමී උද්ඝෝෂණයන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ජනතාව මත අධික ජීවන බරක් පටවා තිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ජනාධිපතිවරයාගේ කතාව මෙසේ වර්ජනය කළ බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

