අනුර ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින් සිල්වා
මීළඟ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත්වන බව නතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඔහු ජනාධිපතිවරයා බවට පත් වූ වහාම සිදුකරන පළමු කාර්යයක් වන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් හෙතෙම පැවසීය.
අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු පවතින පාර්ලිමේන්තුව සමඟ වැඩ කිරීමට සූදානම් නැති බවත් බවත් එනිසා පාර්ලිමේන්තුව විසුරුවා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
දැනට සියලු සමීක්ෂණ වාර්තා අනුව අනුර දිසානායක මහතා ජනාධිපති වන බව සඳහන් කර ඇති බවද පැවසූ රාජ්‍ය බුද්ධි අංශ පවා ඒ පිළිබඳව වාර්තා ලබාදී ඇති බවද පැවසීය.
ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේ කළුතරදී ධීවර සමුළුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

