Latestදේශීය

සැකය සාගල දෙසට

ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය විසින් ඩයලොග් ආයතනයට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (07) හදිසියේ ඉල්ලා අස්කර ගනු ලැබූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ නියෝගයක් අනුව බවට බරපතළ සැකයක් මතුවී තිබේ.

රජයට අයත් SLT Mobitel ආයතනය ඉක්මවා යන සංඛ්‍යාත ප්‍රමාණයක් ව්‍යාපාරික උපක්‍රම හරහා ඩයලොග් සමාගම විසින් අත්පත් කර ගැනීමට එරෙහිව CA/WRIT/349/23 අංකය යටතේ එම නඩුව පවරා තිබිණි.

ඩයලොග් ආයතනය විසින් එයාටෙල් ආයතනය අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන්ට මෙගා හර්ට්ස් 215ක සංඛ්‍යාත ධාරිතාවයක් සහ 600 ඉක්මවූ සම්ප්‍රේෂණ කුළුණු සංඛ්‍යාවක් අත්පත් කර ගෙන තිබේ. මෙය විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ පවත්වාගෙන යා යුතු සාධාරණ සංඛ්‍යාත බෙදීම ඉක්මවා යන තත්වයක් නිර්මාණය කර තිබිණි.

රජයට අයත් මොබිටෙල් ආයතනයට මෙගා හර්ට්ස් 105ක සංඛ්‍යාත ධාරිතාවයක් ලැබීමෙන් පොදු මහජන අවකාශයේ සමාන තරඟකාරීත්වයකට අවස්ථාව අහිමිවීම පදනම් කර ගෙන ඩයලොග් සමාගමට එරෙහිව මොබිටෙල් සමාගම විසින් 2023 වසරේදි එම නඩුව පවරා තිබිණි. ටෙලෙකොම් ආයතනයේ පෙර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය එම ආයතනය රැක ගැනීමේ අරමුණින් නඩුව පවරා තිබූ අතර වත්මන් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එය ඉල්ලා අස්කර ගනු ලැබීය.

මේ සඳහා ඉහළම දේශපාලන බලපෑම සාගල රත්නායක විසින් කර ඇතැයි ටෙලෙකොම් ආයතනයේ කාර්ය මණ්ඩලය තුළ බලවත් සැකයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *