මහජන බැංකුවට, ලංකා බැංකුවට බිලියන 602ක පොල්ලක්
මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකු දෙක වන මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අක්‍රිය ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 602ක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රාජ්‍ය බැංකු අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් මෙම මුදල් ප්‍රමාණය රටට අහිමි ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඒ අනුව රාජ්‍ය බැංකුවල විශාල ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය රජය පිළිගත යුතුව ඇතැයිද හෙතෙම තවදුරටත් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් හෙතෙම මේ බව කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

