Latestදේශීය

ඩයනා ඉදිරියේ අසරණ වූ සජිත්ගේ විනය ක්‍රියාමාර්ග නාටකය

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට විරුද්ධව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ ද, රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මෙන්ම කැබිනට් ඇමතිවරුන් වන මනූෂ නානයක්කාර සහ හරීන් ප්‍රනාන්දු කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග අදාළ නොවන්නේ දැයි අභ්‍යන්තර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

විශේෂයෙන්ම රාජ්‍ය ඇමති ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ඉතාමත් පහත් සහ ප්‍රහාරාත්මක ප්‍රකාශ කිහිපයක් ම සිදු කර තිබිණි. ඒ සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් මේ දක්වා නොගෙන සිටින පසුබිමක සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියා කරන්නේ කෙසේ දැයි කබීර් හෂීම් හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් මත පළ කරමින් සිටින බව වාර්තා වේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට හමුදා අධිකරණයකින් දඬුවම් පැමිණවීමේදී රාජපක්ෂ පාලන සමයේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ හිටපු යුද හමුදාපති දයා රත්නායක සහ හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සමගි ජන බලවේගයට බඳවා ගෙන ප්‍රමුඛතම තනතුරු පිරිනැමීමත් සමඟ නව අභ්‍යන්තර ගැටුමක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව නිර්මාණය වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *